Please enter youtube id.
පොලිස් සේවාවේ නිරත වන්නන්ට සහ පොලිස් අපරාධ විද්‍යාව පිළිබඳව උනන්දුවක් දක්වන පුද්ගලයන්ට ඒ පිළිබඳ හැදෑරීම සඳහා විශ්වවිද්‍යාලයක් ඇරඹීම පිළිබඳව රජයේ අවධානය යොමුවී තිබෙනවා.
ජිනිවා මානව හිමිකම් කමිටුව විසින් යෝජනා කරන ලද දෙමුහන් අධිකරණ ක්‍රියාවලිය වෙනුවට දේශීය පරික්ෂණයක් පැවැත්වීම සඳහා ආණ්ඩුව විසින් ගන්නා පියවර සඳහා සහාය ලබා දෙන්නැයි අගමැතිවරයා වෘත්තීය සමිති හා බහුජන සංවිධාන වලින් ඉල්ලා තිබේ.
සෞදි අරාබියේ සංචාරයක නිරතවීමෙන් පසු ඊබ්‍රහිම් නසීර් ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් සිය රටට පැමිණ ඇති මාලේ ජනාධිපතිවරයා අධිවේගී යාත්‍රාවක නැගී මාලේ අගනුවර වෙත යමින් සිටියදී අනතුර සිදුව ඇතැයි විදෙස් වාර්තා සඳහන් කළා.
එම බෝට්ටුවේ එංජිම පිහිටි ස්ථානයේ මෙම පිපුරුම සිදුව තිබෙනවා.මෙය ත්‍රස්තවාදී හෝ කඩාකප්පල්කාරී ක්‍රියාවක් ලෙස සැලකෙන අතර ඒ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද විදෙස් වාර්තා සදහන් කළා.
We have 22 guests and no members online